BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
හදිසි ආපදාවන්ට මුහුණ දීමට සහ ඒවා කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව තවදුරටත් ශක්තිමත් කරගත යුතු ක්ෂේත්‍ර මොනවා ද?
විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ පසුගිය දා අත්විඳි ආපදා තත්ත්වය වැනි තත්ත්වයකට "එකවර මුහුණ දීමේ හැකියාව" කිසිදු රටකට නොමැති බව ය. අපේක්ෂා කරන දෙයට වඩා වැඩි යමක් සිදු විය හැකි බැවින් තත්ත්වය වෙනස් විය හැකි බව පෙන්වා දෙන ඔවුන් සඳහන් සඳහන් කරන්නේ, ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීමට ඇති වෙනත් අවස්ථා ගැන ද අවධානය යොමු කළ යුතු බව ය.
ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 න් පහළ දරුවන් සඳහා පැනවූ සමාජ මාධ්‍ය තහනම බලාත්මක වේ: ඇත්තට ම දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ හැකි ද?
දෙසැම්බර් 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 16 ට අඩු සීමාවේ පසුවන දරුවන්ට සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කිරීමට තවදුරටත් අවසර හිමි නොවේ. ඒ අනුව සිඩ්නි නුවරට අද මධ්‍යම රාත්‍රිය උදාවීමත් සමග ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා ලොව පළමු සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක විය.
'බඩගින්න දරාගන්න බැරිව කුරුම්බා ගෙඩියක් බිව්වා': ගංවතුරට හසුවී පොල් ගසකට නැග දිවී බේරා ගත් ෂම්සුදීන්
"මාව බේරගන්න තමයි එන්නේ කියලා මම දැනගත්තා. මම නැගිටලා අත් දෙකෙන් සංඥා කළා. 'ටිකක් ඉන්න' කියලා දෙපාරක් වටේට ගියා. පොල් ගහ කඩාගෙන වැටෙන තරමට සුළං ආවා. මට ඉන්න බැරි වුණා. මම අල්ලගෙන හිටියා" පැය 24කට අධික කාලයක් පොල් ගසක් මත සිට දිවි බේරා ගත් ෂම්සුදීන් සිය අත්දැකීම බීබීසීයට හෙළි කරයි.
සුවකළ නොහැකි බව කී ලියුකේමියාව සුව කිරීමට ජාන චිකිත්සක ප්‍රතිකාරයක්: 'මම ඇත්තට ම හිතුවේ මම මැරෙයි කියලා'
Seven out of 11 patients with incurable cancer who had the treatment appear to be cancer-free. ප්‍රතිකාර ලබා ගත් සුව කළ නොහැකි තත්ත්වයක සිටි පිළිකා රෝගීන් 11 දෙනෙකුගෙන් හත් දෙනෙකු ම පිළිකාවෙන් නිදහස් වී තිබේ.
දින 10කට අවදානම් තත්ත්වයක්: දිස්ත්‍රික්ක 4කට යළිත් නායයාම් රතු අනතුරු ඇඟවීම්
දෙසැම්බර් 09 සිට 19 දක්වා දින දහය තුළ මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන් ම ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබීමට ද ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ෆූජිවාරා ආචරණය: දිට්වා සුළි කුණාටුව එතරම් දරුණු වුණේ ඇයි?
ෆුජිවාරා ආචරණය හේතුවෙන් දිට්වා සුළි කුණාටුව දරුණු කුණාටු සිදුවීමක් බවට පත්වූ බව බටහිර ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසයි. ඔහු පවසන්නේ, නිවර්තන සුළි කුණාටු පුරෝකථනය කිරීමේ හැකියාව පිළිබඳව අනුමාන කිහිපයක් ඇති බව ය.
කෙටි වීඩියෝ
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
විශේෂාංග
ජලගැලීම් සහ අධික වර්ෂාව නිසා විනාශ වූ ඔබේ අත්‍යවශ්‍ය ලේඛන යළි ලබා ගන්නේ කෙසේ ද?
සුළි සුළං සහ අධික වැසි හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය නිසා බොහෝ දෙනෙකුට ඉතිරි වූයේ, ඇඳිවත පමණි. ඇතැමුන්ට තම ජීවිත කාලය පුරා ම උපයා ගත් බොහෝ දේ මෙන් ම හිසට සෙවණ දුන් නිවෙස් ද අහිමි විය. එලෙස අහිමි වූ අත්‍යවශ්‍ය ලේඛන කිහිපයක් තිබේ. ඒ අතර ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, රියැදුරු බලපත්‍රය සහ රථවාහන ලියාපදිංචි සහතික (වාහනයේ පොත) වැනි වැදගත් ලේඛන කිහිපයක් වේ.
ඔබ නරඹන වීඩියෝව AI වීඩියෝවක් ද යන්න හඳුනාගත හැකි ප්‍රධාන ලකුණු
ඩිජිටල් තොරතුරු සත්‍යාපනය කිරීම සඳහා තාක්‍ෂණ සමාගම් ද නව ප්‍රමිතීන් සඳහා කටයුතු කරමින් සිටී. මූලික වශයෙන්, රූගත කළ මොහොතේ ම එය සැබෑ බව ඔප්පු කිරීමට උපකාරී වන තොරතුරු ඇතුළත් කළ හැකි ය. ඒ ආකාරයෙන් ම, AI මෙවලම් මගින් ඒවා ව්‍යාජ බව ඔප්පු කිරීමට ඔවුන්ගේ වීඩියෝ සහ රූපවලට ස්වයංක්‍රීයව සමාන විස්තර එක් කළ හැකි ය. ස්ටෑම් සහ තවත් අය පවසන්නේ, මෙම උත්සහයන් උපකාරී විය හැකි බව ය.
ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි
ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ව්‍යසනය හමුවේ මහජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් කර තිබේ.
දරුණු ගංවතුරෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බලපෑම චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින්
'දිට්වා' සුළි කුණාටුව සමග ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ගංවතුරෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවී තිබේ. ගංවතුරට පෙර ප්‍රධාන ගංගා ද්‍රෝණි පැවති ආකාරය සහ ගංවතුරෙන් පසු පැවති තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය, දෘශ්‍ය හා දත්ත ජනමාධ්‍ය කණ්ඩායම සමග චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් විශ්ලේෂණය කර බැලීය.
රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ: හදිසි අවස්ථා තත්ත්වයක් යනු කුමක් ද?
මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා පවසයි. බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේ ය. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.




























































